වාසනාවකටදෝ අවාසනාවකටදෝ මම ඉපදුනේ ගුරුවරුන් දෙපලකට දාවය. ඒ නිසා දෙමව්පියන්ට මගේ පනිති ගාස්තු ඉතුරුවුන අතර මට ගෙදර සිට ඉස්කෝලෙ වැඩ කිරීමට සිදුවිය. පාසලේ පියෙකු ලෙසත් ගෙදර විදුහල්පති ලෙසත් සමාජයට පරමාදර්ශී පුරවැසියෙකු ලෙසත් විවිධ චරිත රඟපෑ තාත්තාගේ චරිතය හා මගේ චරිතය සමග මතකයන් ලෙස ඉතුරුව ඇත්තේ මට සපත්තුවෙන් ගැසූ අයුරුත් කාමරයට දමා වැසු සැටිත් මට ටොකු අනිමින් ශිෂ්‍යත්ව පාඩම් කියලා දුන් අන්දමත්ය.
විටක මට අම්මා ගැන කණගාටුවක් ඇතිවේ. සිය ජීවිත කාලයෙන් අවුරුදු 30 යෝජිත විවාහයකින් බන්ධනය වූ ශුකාණු දෙකකට කැප කරමින් ඇය කෙතරම් දුකක් විඳින්නට ඇත්දැයි මට සිතේ. නමුත් මම ඒ ගැන එතරම් සිතන්නේ නැත. ඔව් මම කුමක් ගැනවත් එතරම් නොසිතමි.. ඒ මම කුහයෙකු නිසා වන්නට පුළුවන එසේත් නැතිනම් එහි විරුද්ධ පැත්ත වන්නට පුළුවන.
අවුරුදු දහයක පොඩි එකෙකුට බෝතලෙන් කිරිපොවන අම්මා කෙනෙකු දුටු විට මට ආත්මානුකම්පාවක් ඇති විය යුතු වුවත් මට ඇතිවන්නේ අර පොඩි එකාගැන දුකකි. උසස්පෙලට පන්ති යාමට අමතරව ක්‍රිකට් තරඟයක් නැරඹීමට ජීවිතයේ පලමු වතාවට පිට්ටනියට ගිය මගේ හොඳම මිතුරාගේ නිවුන් සොහොයුරන් දෙදෙනාගැනද මට ඇතිවන්නේ දුකකි. සමහර විට මට හොඳ දේ ඔවුන්ට දිරවන්නේ නැති වන්නට පුළුවන්. සාපේක්ෂතාවය ගැන අමතක වීම ගැන මට ඇතිවන්නේ මම ගැනම තරහවකි.
කොරම් තනිව ජීවත් වුනත් මම කුඩා කල සිදුවූ සමහර දේවල් මට වැටහෙන්නේ දැන්ය. මගේ මිතුරන් පාසල් සමය තුල සිදුකල යටිකූට්ටු වැඩ මට සිහියට එන්නේ දැන්ය. ඒ මම ඒවා ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තාට පසුය. විටක මට ඒවා ගැන අවිඥානක වීම ගැන ඇතිවන්නේ තරහකි.
නේවාසිකාගාරයේ මම ඇඩූ දවස් අතේ ඇඟිලි වලින් ගැනිය හැකි තරමේ අගයක් ගනී. ඉන් බොහොමයක් ලොකු එවුන්ගෙන් ගුටිකෑම නිසාය. ඉතිරිය අම්මා සිහිවීම නිසාය. මගේ මතකය නිවැරදි නම් ඒ දෙවරක් හෝ තුන්වරක් විය යුතුය. එයින්ද එක් වරක් හෝ දෙවරක් ගෙවල්වල සිට එන උන්ගේ අනුකම්පාව ලබාගැනීමට විය යුතු යැයි මට දැන් සිතේ. මේ දිනවල මට අම්මාව දිනපතා සිහිවේ. ඒ අපේ තාත්තාගේ ක්‍රියාකලාපය නිසා අම්මා විඳින වදය සිහිවීමෙන් වන්නට පුළුවන්. කෙසේ වෙතත් මම මේ ලෝකයේ විස්වාස කරන එකම තැනැත්තිය අම්මා පමණක් වන්නට පුළුවන.

හිතන්න යමක්
ReplyDeleteඹබේ වචන වලින් මම මගේ හඩ ඇසිමී.
ReplyDeleteදින කිහිපයක්
ReplyDeleteවිමැසීමි
පිරික්සා
නැත... කිසිවක්
මෙහි ලියා?
ප.ලි.
මේ වර්ඩ් වෙරිෆිකේෂන් දාලා ඇත්තේ අපේ රටේ සිංහල බ්ලොග් රොබෝලාත් කියවන නිසා නොවේ යැයි මා සිතමි. යාළුවා එය ඇත්තෙන්ම කරදරයක් කියවලා ඔබ ලියන දෙය පසු සටහනක් තබන අපට. ඉවත් කරන්න පුළුවන් නම් එය අපට පහසුවක් වෙනවා.