මිනිස්සු අපි ඔක්කොම මිනිස්සු. අස්ථි පඤ්ඤරයකට පිටින් වටවුන් නහර ලේ ඇට මස්වලට අමතරව හදවතක් තිබෙන මිනිස්සුය. හදවත කවීන්ට අනුව හැඟීම් පාලනය කරන මධස්ථානයකි. හදවතින් තීරණ ගන්න එපා. අම්මා මට හැමවෙලේම කියයි. නමුත් මට සිතෙන හැටියට මිනිසා ගේ හෝ ගැහැණියගේ හැඟීම් පාලනය වන්නේ ලිඟුව හෝ යෝනිය ආශ්‍රිත කරගෙනය. මගේ ජීවිතය තුල වැඩිමනක් කාලයක් ලැගුම් ගෙන සිටියේ අම්මාය. අම්මා තාත්තා නැති තැන කියන කතා දඟලන හැටි දුටු විට මට හිතෙන්නේ මම හෙන පවුකාරයෙකු කියාය. මම ඉපදුනේ නැතිනම් අම්මා දික්කසාදය ඉල්ලන්ට තිබුනු බව අම්මා විසින් මා සමග යම් යම් අවස්ථාවල කියා ඇත.
මම ගැහැණුන්ගෙන් සොයන්නේ අම්මාවය. ඒ සිරකාරියක් බවට පත්වූ අම්මා නොව අම්මාගේ සැබෑ ස්වරූපයයි. කෙසේ වෙතත් මම තාම එය සොයමි. මට තාමත් එය හමුවූයේ නැත.
උසස් පෙල කරන සමයේ මම කෙල්ලෙන් දෙදෙනෙකුට ලියුම් ලියා ඇත. ඒ කෙල්ලන් දෙදෙනාම ලියුම් කියවා මට කැමැත්ත ප්‍රකාශ කලෝය. එකෙකු ලියුම් ලියුවේ ඉංග්‍රිසියෙනි. එය මාස දෙකක් පැමිණි පසු අවසන් වූ අතර අනෙක පැවතියේ සති දෙකකි. කෙසේ වෙතත් එකල මගේ අරමුණ වූයේ අත ඇල්ලීම පමණක් නිසා එය සිදුවූ පසු මට එම සම්බන්ධයේ දිගුවක් වැටහුනේ නැත.
"මේක තේරුමක් නෑ"
"හම්බවෙන්න බෑ"
"කම්මැලියි"
නේවාසිකාගාරය නිසා අපි එකල කෙල්ලෙකු දකින්නේ මාසයකට සැරයකි. සමහර විට එය මාස දෙක තුන දක්වා ඉහල යයි. ඒ බොහෝවිට නේවාසිකාගාරයේ එකෙකුගේ අක්කෙකු හෝ නංගියෙකු ඇති සම්භාවිතාවය ඉතාමත් ඉහලය.
නේවාසිකාගාරය අත්දැකීම් තෝතැන්නකි. මම එතරම් එයට ඇලුම් කරමි. ගෑනු ලමයින් සම්බන්ධයෙන් පැවති අධික කුලෑටි බව සමග අනෙකුත් සියළු ලක්ෂන මට උරුම වූයේ නේවාසිකාගාරයෙන් යැයි සිතමි. කෙසේ වෙතත් එම චරිත ලක්ෂන නිසා මට සිදුවූ හානි මෙන්ම වාසිද නැත්තේ නොව්.
තුන්පෑ පරිප්පුව..
Monday, September 9, 2013
Thursday, September 20, 2012
මිනිසෙකු වූ කලි අනිවාර්යයෙන් පොතක් ලිවිය යුතු නම් ඔහුට ලිවිය හැකි එකම පොත වනුයේ සිය ජීවිත කතාවයි. ඒ සමහරක් විට සිය හැඟුම් පිටකිරීමට ගස්බෙනයක් නොමැති වු කල අදාල ප්‍රවාහය පිටකිරීමේ පහසුම මග නිසා විය හැකිය. කෙසේ වෙතත් මා මෙය ලිවිය යුතුය.
වාසනාවකටදෝ අවාසනාවකටදෝ මම ඉපදුනේ ගුරුවරුන් දෙපලකට දාවය. ඒ නිසා දෙමව්පියන්ට මගේ පනිති ගාස්තු ඉතුරුවුන අතර මට ගෙදර සිට ඉස්කෝලෙ වැඩ කිරීමට සිදුවිය. පාසලේ පියෙකු ලෙසත් ගෙදර විදුහල්පති ලෙසත් සමාජයට පරමාදර්ශී පුරවැසියෙකු ලෙසත් විවිධ චරිත රඟපෑ තාත්තාගේ චරිතය හා මගේ චරිතය සමග මතකයන් ලෙස ඉතුරුව ඇත්තේ මට සපත්තුවෙන් ගැසූ අයුරුත් කාමරයට දමා වැසු සැටිත් මට ටොකු අනිමින් ශිෂ්‍යත්ව පාඩම් කියලා දුන් අන්දමත්ය.
විටක මට අම්මා ගැන කණගාටුවක් ඇතිවේ. සිය ජීවිත කාලයෙන් අවුරුදු 30 යෝජිත විවාහයකින් බන්ධනය වූ ශුකාණු දෙකකට කැප කරමින් ඇය කෙතරම් දුකක් විඳින්නට ඇත්දැයි මට සිතේ. නමුත් මම ඒ ගැන එතරම් සිතන්නේ නැත. ඔව් මම කුමක් ගැනවත් එතරම් නොසිතමි.. ඒ මම කුහයෙකු නිසා වන්නට පුළුවන එසේත් නැතිනම් එහි විරුද්ධ පැත්ත වන්නට පුළුවන.
අවුරුදු දහයක පොඩි එකෙකුට බෝතලෙන් කිරිපොවන අම්මා කෙනෙකු දුටු විට මට ආත්මානුකම්පාවක් ඇති විය යුතු වුවත් මට ඇතිවන්නේ අර පොඩි එකාගැන දුකකි. උසස්පෙලට පන්ති යාමට අමතරව ක්‍රිකට් තරඟයක් නැරඹීමට ජීවිතයේ පලමු වතාවට පිට්ටනියට ගිය මගේ හොඳම මිතුරාගේ නිවුන් සොහොයුරන් දෙදෙනාගැනද මට ඇතිවන්නේ දුකකි. සමහර විට මට හොඳ දේ ඔවුන්ට දිරවන්නේ නැති වන්නට පුළුවන්. සාපේක්ෂතාවය ගැන අමතක වීම ගැන මට ඇතිවන්නේ මම ගැනම තරහවකි.
කොරම් තනිව ජීවත් වුනත් මම කුඩා කල සිදුවූ සමහර දේවල් මට වැටහෙන්නේ දැන්ය. මගේ මිතුරන් පාසල් සමය තුල සිදුකල යටිකූට්ටු වැඩ මට සිහියට එන්නේ දැන්ය. ඒ මම ඒවා ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තාට පසුය. විටක මට ඒවා ගැන අවිඥානක වීම ගැන ඇතිවන්නේ තරහකි.
නේවාසිකාගාරයේ මම ඇඩූ දවස් අතේ ඇඟිලි වලින් ගැනිය හැකි තරමේ අගයක් ගනී. ඉන් බොහොමයක් ලොකු එවුන්ගෙන් ගුටිකෑම නිසාය. ඉතිරිය අම්මා සිහිවීම නිසාය. මගේ මතකය නිවැරදි නම් ඒ දෙවරක් හෝ තුන්වරක් විය යුතුය. එයින්ද එක් වරක් හෝ දෙවරක් ගෙවල්වල සිට එන උන්ගේ අනුකම්පාව ලබාගැනීමට විය යුතු යැයි මට දැන් සිතේ. මේ දිනවල මට අම්මාව දිනපතා සිහිවේ. ඒ අපේ තාත්තාගේ ක්‍රියාකලාපය නිසා අම්මා විඳින වදය සිහිවීමෙන් වන්නට පුළුවන්. කෙසේ වෙතත් මම මේ ලෝකයේ විස්වාස කරන එකම තැනැත්තිය අම්මා පමණක් වන්නට පුළුවන.

Subscribe to:
Posts (Atom)